සංගමයේ වතගොත

හෙළ බොදු මහා තක්සලාව ආනන්දය, රටට අභිමානයක් වන්නේ, රටේ - ජාතියේ - බුදුදහමේ චිරස්ථිතිය උදෙසා නැගී සිටින, හඬ නඟන, ක්‍රියාත්මක වන ආයතනයක් වන බැවිනි. ආනන්ද භුමියෙන් සිප්සතර හදාරන දරුවනුත්, ආනන්දයට නායකත්වය දෙන විදුහල්පතිවරුන් සහ ඒ සදහා එකතුවන ආදි ආනන්දීයොත් එදා හික්කඩුවේ ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි මා හිමි වහන්සේලා මෙන්ම සෙන්පති හෙන්රි ඕල්කට් තුමා ඇතුළු ආනන්දය තනන්නට මුල්වු සැමගේ අභිප්‍රාය, පරම පවිත්‍ර චේතනාව ඉටු කිරීමට නිරන්තරයෙන්ම ඇප කැප වෙති. ඒ සදහා ක්‍රියාත්මක වෙති. ආදි ආනන්දීය බෞද්ධ සංගමය 30 වැනි වසරට පා තබන්නේ ආනන්දයේ ඒ ගමන් මඟට සුවිශේෂ දායකත්වය එක්කරමින් ආනන්දය තුළ මෙන්ම රටෙත්, ජාතියේත්, බුදු දහමේත් උන්නතිය උදෙසා සමාජයීය හා ආගමික වශයෙන් ගෞරවනීය, සුවිසල් මෙහෙවරක් ඉටුකරමිනි.


වර්ශ 1988 මැයි 22 වන දින දී පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, විදුහල්පති ඒ.පී ගුණරත්න මැතිතුමා, සෝමා විජේරත්න ගුරු මෑණියන් ඇතුළුව විද්‍යාලයේ බෞද්ධ සංගමයේ ක්‍රියාකාරී මණ්ඩලයේ කටයුතු කළ ආදි ආනන්දීයන් 67 දෙනෙකු එක්ව ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ සමාරම්භය සිදුවිය.


මේ වනවිට වාර්ෂිකව පෙළගැසණු සද්කාර්ය සමුදයක් සිදුකෙරෙන අතර ඊට අම‍තරව විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. අභ්‍යන්තර සංවර්ධන කමිටුව, බාහිර සංවර්ධන කමිටුව සහ සම්පත් සංවර්ධන කමිටුව ලෙස කමිටු තුනකින් සිදු වේ.