පරමාර්ථ

ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ පරමාර්ථ පහත පරිදිය. මෙකී පරමාර්ථ මුදුන්පත් කරලීම සංගමයේ යුතුකම වන්නේය.


  • ආනන්ද විද්‍යාලයීය බෞද්ධ ආදි ශිෂ්‍යයන් අතර ගුණාත්මක සම්බන්ධතාවය වර්ධනය කිරිම.
  • ආනන්ද විද්‍යාලයීය බෞද්ධ ආදි ආනන්දියන්ගේ මානව සම්පත් වර්ධනය කිරීම සහ වෘත්තිය දියුණුවට මග සැලසීම.
  • ආනන්ද විද්‍යාලයීය බෞද්ධ ආදි ශිෂ්‍යයින් සහ වත්මන් බෞද්ධ ශිෂ්‍යයින් අතර ගුණාත්මක සම්බන්ධතාවය වර්ධනය කිරීම.
  • ආනන්ද විද්‍යාලය තුළ ජාතික, ආගමික, සංස්කෘතික සහ අධ්‍යාපනික පූනර්ජීවනයක් ඇති කිරිම.
  • ආනන්ද විද්‍යාලය සහ යෝග්‍ය ජාතික සහ අන්තර්ජාතික සංවිධාන අතර සුදුසු සම්බන්ධතාවන් ඇති කරගැනීම, සහ එමගින් ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනික, සදාචාරාත්මක සහ භෞතික සංවර්ධනයන් ඇති කරලීම.
  • ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ ආගමික, සදාචාරාත්මක, අධ්‍යාපනික සහ භෞතික සංවර්ධනයන් ඇති කරලීම.
  • ආනන්ද විද්‍යාලය අනාදිමත් කාලයක් තුළ පවත්වාගෙන පැමිණී සිංහල බෞද්ධ සම්ප්‍රදායන් වඩා වර්ධනය කොට රැකගෙන යාමට විද්‍යාලය සමඟ මනා සබදතාවයක් ගොඩනගා ගැනීම හා එතුලින් අවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම.