ගරු හිටපු සහය ප්‍රධාන අනුශාසක පූජ්‍ය හබරකඩ ඉන්ද්‍රරතන හිමි

ජේ. ඩබ්. කරුණාරත්න හා දෙල්ලව ඩී. එල්. මිසිනෝනා දෙපලට දාව 1937 /10 /16 දින ගාල්ලේ හබරකඩදී
උපත ලද ඊඩන් ඩයස් වික්‍රමනායක කරුණාරත්න කුළ කුමරුවන් වයස 14 දී තම උපන්ගම වන හබරකඩදී පැවිදි
දිවියට එළඹුනේ හබරකඩ ඉන්ද්‍රරතන යන නාමය ලබමිනි.
හබරකඩ සිංහල ප්‍රාථමික විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා පසුව ආනන්ද පිරිවෙණෙන් මූලික පිරිවෙණේ
අධ්‍යාපනයද ලැබු උන්වහන්සේ පසුව මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලැබුහ.
සිංහල, පාලි, සංස්කෘත ආදි භාෂාවන්හි කෙල පැමිණි උන්වහන්සේ ඉතිහාසය පුරා විද්‍යාව,
ව්‍යාකරණ ආදියෙහි අති දක්‍ෂයෙකු වූහ. ශ්‍රාස්ත්‍රවේදි ශ්‍රස්ත්‍රපති ආදි උපාදි ලද උන්වහන්සේ
අධ්‍යාපන
ඩිප්ලෝමා සහතිකයද හිමිකරගත් සේක. ඉන් පසු ගුරු වෘත්තියට පිවිසුණු උන්වහන්සේ විද්‍යාල
කීපයකම ඉගැන්වීමෙන් අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයට පය තැබුවේ තවත් වාසනාවන්ත යුගයක්
ආනන්දයට උදා කරමිනි. ආනන්ද විද්‍යාලයේ බෞද්ධ සංගමයට එක්වෙමින් විදුහලට හා සමාජයට අති මහත්
සේවාවක් කල උන්වහන්සේ වසර 22ක පමණ ගුරුවරයෙකු ලෙස සේවය කලහ.
විචිත්‍ර ධර්ම කථිකයෙකු වූ උන්වහන්සේ ගුවන්විදුලි හා රූපවාහිනි නාලිකාවල හරබර ධර්ම දේශනා විශාල
ගණනාවක් දේශනා කලහ.
විහාරස්ථාන ගණනාවක අධිපතිත්වය දැරූ උනුවහන්සේ කාල සිමාවලදී එම විහාරස්ථාන සීඝ දියුණුවට පත් කලහ.
ඉමහත් විශාල ශාසන සේවාවක් කල උන්වහන්සේ 2017 /10 /01 දින අපවත් වු සේක.