ආනන්ද විහාරයේ වංශකතාව

අදින් වසර එකසිය විසි ගණනකට පෙර කොළඹ ආනන්දය බිහි වුයේ කිසි ජාතිකයට හෝ ආගමකට හානියක්
නොවන සේ රටේ පරිපාලන තන්ත්රයට ඇතුළත් විය හැකි ඉංග්‍රීසි භාෂා ප්රවිණත්වයක් ද ඇති දේශප්‍රේමී
ආගමාලයැති
සිංහල බෞද්ධ පරපුරක් බිහි කිරිම අරමුණු කරගෙන ය. මෙහිලා ප්රමුඛව ක්‍රියා කළේ අතිපූජ්‍ය
හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි,
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සහ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාත් ය.
එහෙත් වෙනත් ජාතික ආගමික දරුවන් ගේ අධ්යෘපනයට එහි දොර ආවරණය වුයේ නැත.
බටහිර සංස්කෘතිය කරපින්නා ගත් පිරිසක ගේ පරිසරයක් තුළින් හැදෙන වැඩෙන දරුවනට නිවැරදි මග
පෙන්වීමේ අවශ්‍යතාව
එදා බලගතු ව තිබුණි. එහෙයින් ම බෞද්ධ සදාචාරයට සාරධර්මවලට හැදෙන වැඩෙන දරුවන් නැඹුරු කරවීමේ දී
ආගමික ක්‍රියාවලීන් සඳහා විහාර මන්දිරයක අවශ්‍යතාව බලගතු විය.
කරුණු එසේ හෙයින් 1929 ජූලි මස 10 වැනි දින පළමු වරට කුඩා විහාර මන්දිරයක් බිහි වූයේ
කීර්තිමත් විදුහල්පතිවරයෙකු
වු පී. ද එස්. කුලරත්න මහතා ගේ දුරදර්ශීත්වය නිසා ය. එවකට ආනන්දයේ ධර්මාචාර්යවරයන් වහන්සේ නමක්
වූ අතිපූජ්‍ය
බලංගොඩ ආනන්ද මෛත්රය නාහිමිපාණන් වහන්සේගේත් ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේත්
පුරෝගාමිත්වය ඊට උපස්ථම්භක විය.
එකල ආනන්දයේ තිබුණු හරිශ්චන්ද්‍ර ගොඩනැගිල්ලේ කාමරය ටිබෙට් ජාතික මහින්ද හිමියන් විසින්
දඹදිවින් වැඩම වන ලද බුද්ධ
ප්‍රතිමා වහන්සේ වඩා හිඳූවා ආගමික වත්පිළිවෙත් කිරීම ක්රමික ව ආරම්භ විය.
ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවත් ම එහි ඉඩකඩ ප්‍රමාණවත් නො වුයෙන් ප්‍රබල දේශප්‍රේමියෙකු වු විදුහල්පති
එල්. එච්. මෙත්තානන්ද
මහතාගේ පුරෝගාමිත්වයෙන් 1953 ජනවාරි 29 වැනිදින එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවර ඩඩ්ලි
සේනානායක මැතිතුමා ගේ
සුරතින් නව විහාර මන්දිරයක් සඳහා මුල්ගල් තැබීම සිදුවිය.
ආරම්භයේ දීම සැදෑහැතියන් ගෙන් ආධාරගලා එන්නට පටන් ගති. දොස්තර ඊ. එම්. විජේරාම මහතා සහ අනුලා
විජේරාම මැතිණියත් රු . 25,000 කින් ද ඒ. බී. හේමචන්ද්‍ර මහතා රු . 20,000 කින් ද ආධාර කර ඇත.
විධිමත් ව ආධාර මුදල් සපයා ගෙන ඉදිකිරීම් කටයුතු ක්‍රමවත් ව කරවීමට "විහාර සාධක සමිතියක්" ද
පිහිටුවාගෙන ඇත.
විහාර මන්දිරය සඳහා සැලැස්ම සකස් කර ඇත්තේ අනගාරික ධර්මපාලතුමත් දඹදිව සාරානාත්හි ඉදිකර වූ
මුලගන්ධකුටි විහාරයේ
ආකෘතිය පදනම් කරගෙන ය. ඒ තුළ ප්‍රතිමා නිර්මාණය භාරවූයේ කලාසූරී ආචාර්ය මාපලගම විපුලසාර
හිමිපානණ්ට ය.
විහාරමන්දිරය ඉදිකිරීම් කාර්යභාරයේ නිමාව දකින්නට වර්ෂ 16ක් පමණ ගත විය. විදුහල්පති ඊ. ඒ.
පේරැසිංහ මැතිතුමා ගේ කාලයේ
දී 1969 මාර්තු 06 වන දින අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිතුමා ගේ සුරතින් නව විහාර මන්දිරය
විවෘත විය.
ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ නිධන් කර පූජ්‍ය මාපලගම විපුලසාර හිමිපාණන්ගේ සුරතින් නිම වූ දහස්
ගණන් ප්‍රතිමා වහන්සේලා අතර
අසීමිත් බුදුගුණ මුර්තිමත් වන මෙවැනි ප්‍රතිමා වහන්සේ නමක් ලංකාවේ හෝ වෙනත් කිසිදු රටක නැත. සිය
ගණනක් ගුරු
භවත්හු ද දහස් ගණනක් ශිෂ්‍යයෝ ද දිනපතා උදෑසන ප්‍රතිමා වහන්සේට දොහොත් මුදුන් දී නමස්කාර කිරීම
තුළින් ලබන
සැනසිල්ල බෙහෙවින් විශාල ය. විදුහලට පිවිසෙන ගුරු සිසු හැම පමණක් නොව විදුහල අසලින් වාහන වලින්
යන අය පවා
අසුනින් නැගිට විහාරමන්දිරයට නමස්කාර කර යනු පමණක් නොව ඉගෙනීම් කටයුතු ඇරඹීමට පෙර පන්ති කාමර
වලින් පිටව
පෙරහැරින් දෝතින් සුවඳ මල් ගෙන පැමිණ බුදුන් පුදා පන්සිල් සමාදන් වන සිසු දරැවන් අනුව යමින්
ශබ්ද විකාශනනයෙන් අවට
නිවෙස්වල අය පවා පන්සිල් සමාදන් වනු කලකට පෙර අප දැක ඇත.
බුද්ධාලම්භන ප්‍රීතිය උපදවන මෙම අතිපූජනීය විහාර මන්දිරය ඉදිකිරීමෙන් අනතුරු ව භාරතයෙන් ගෙන්වා
එතෙක් වැඳූම් පිදුම් කළ
ප්‍රතිමා වහන්සේ ආනන්දයේ විශිෂ්ටතම විදුහල්පතිවරයකු වූ සෙන්පති ජි. ඩබ්ලිව්. රාජපක්ෂ මැතිතුමා
විද්‍යාලයීය ධර්මාචාර්ය
හිමිවරුන් ගේ ද අනුමැතිය ඇතිව මාතර පාලටුව ගුණරත්න මහ විදුහලට පරිත්‍යාග කළේ එහි අධ්‍යාපනය ලබන
දරුවන් ගේ ද
වන්දනාමාන සඳහා සානුකම්පිතව ය.
6000ක් පමණ ශිෂ්‍යයන් ගේ වන්දනාමානවලට ලක් වූ ආනන්ද විහාර මන්දිරය විවෘත කර
වසර දහයක් පමණ ගත වන විට වතුර කාන්දුවක් නිසා පලුදු ඇතිවන්නට වූයෙන් කම්පාවට පත් වූ ධර්මාචාර්ය
හිමිවරුන් මෙන් ම
විදුහල්පතිතුමා ප්‍රධාන අදි සිසු, ගුරු සිසු පිරිස ද විසඳූම් සෙවීම සඳහා උත්සුක වූහ. කීර්තිමත්
ඉංජිනේරුවරුන් ගේ ද උපදේස්
පරිදි වරින්වර ප්‍රතිසංස්කරණ කළ නමුත් ඒවා එතරම් දීර්ඝකාලීන ප්‍රතිඵල ලබා දීමෙහි ලා අසමත්
වූයෙන් 1996 දී එවකට ආදී ආනන්දීය
බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමිපාණන් ගේ ද උපදෙස් පරිදි එම සංගමයේ
ප්‍රධාන සභාපති
රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ධුරය දැරු යයසිරි කස්තුරිආරච්චි මහතාගේ පුර්ණ අනුග්‍රහය
මත රු. 23,00000 ක
පමණ වියදමින් ප්‍රතිසංස්කෘත විහාර මන්දිරය 1996 අගෝස්තු මස 17 වන දින අතිපූජ්‍ය බලංගොඩ
ආනන්දමෙත්රය මහනාහිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් පැවති පුෂ්ප පූජෝත්සවයෙන් අනතුරුව ගුරු ශිෂ්‍යයෝ
වඩාත් බැතිබර ව
වන්දනාමාන කරන්නට පටන් ගත්හ.
වසර කීපයක් ගත විය. 1996 ප්‍රතිසංස්කරණවලදී නොදුටු වෙනත් තැන්වලින් ජල කාන්දුව නැවත ඇති වූ
හෙයින් 2008
වසරේ ද එවකට විදුහල්පතිදුරය දැරු බී. ඒ. අබේරත්න මහතා සහ ධර්මාචාර්ය හිමිවරුන්ද ඒ පිළිබද ව ආදි
ආනන්දීය
බෞද්ධ සංගමය දැනුවත් කිරීමෙන් අනතුරුව කල්ගත වුවහොත් සිදුවිය හැකි ආපදාවන් පිළිබද විශේෂ අවධානය
යොමු
කළ ගරු අනුශාසක උපදේශක මණ්ඩල සමග නිලධාරී මණ්ඩලය ද සාකච්ඡා කොට තිරණය කළේ අවශ්‍ය තැන්
ප්‍රතිසංස්කරණය
කළ යුතු බවයි. මේ තත්වය කණ වැටුණු එක්සත් රාජධානියේ ආනන්ද ආදි ශිෂ්‍ය සංගමය එම කාර්යය සඳහා වැය
වනමුළු මුදල
රු. මිලියන දෙකකට ආසන්න සම්පුර්ණ මුදල ම ආදි ආනන්දීය බෞද්ධ සංගමයට ලබාදීමට ස්වේච්ඡාවෙන් ම
ඉදිරිපත් විය.
එම කාර්යයේදී එහි සභාපති ජානක රංචාගොඩ මහතාගේත්, අරමුදලේ සම සභාපති හරේන් පුංචිහේවා මහතාගේත්
විශේෂ උනන්දුව
මත ප්‍රතිසංස්කරණය කටයුතු නිමවා අභ්‍යන්තර ආරක්ෂාව පිණිස සුරක්ෂිත ස්වයංක්රී වීදුරැ දොරක් ද
සවි කිරීමට ප්‍රතිපාදන ලැබුණි
සියල්ල මැනවින් සිදුවිය.
විහාර මන්දිරය ආලෝකමත් කිරීම සඳහා විශේෂ ආලෝකරණ පද්ධතියක් 2011 වසරේදී කසුන් ඩයස් මහතාගේ
වියදමින් ස්ථාපිත කරන ලදී.
එතැන් සිට තවත් වසර කීපයක් ගත වන විට ද කොන්ක්‍රීට් වහළයේ තැනින් තැනින් ඇති වු වතුර කාන්දුව
නිසා භයානක ඉරි
තැලීම් ආදිය ඇති වූයෙන් වධාත් කලබල වූ ආදි ආනන්දීය බොෟද්ධ සංගමය විහාර මන්දිරය සුරැකීමේ කටයුතු
විශේසයෙන් තම
සංගමයට භාර වී ඇති හෙයිනුත් විසඳූම් සොයන්නට පටන් ගති. ආනන්දයේ ම බිහි වූ විශිෂ්ට ගණයේ
ඉංජිනේරුවන් ඉදිකිරීම්
පිළිබඳ විශේෂඥයන් ද සමග සාකච්ජා වාර කිහිපයක් පවත්වා පුළුල් ප්රතිසංස්කරණයක් තුළින් දිර්ඝකාලීන
පැවැත්මකට සරිලන
පරිදි විශිෂ්ට ලෙස විහාර මන්දිරය නවීකරණය කරන්නට තීරණය විය.
මේ සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ ද සහාය ඇති ව සම්පත් බැංකු අධ්‍යක්ෂවරයෙකු මෙන් ම දීප්තිමත්
ව්‍යාපාරිකයෙකු හා ආදි
ආනන්දීය බෞද්ධ සංගමයේ අනුශාසකවරයෙකු ද වන චන්න පලන්සුරිය මහතා ගේ සභාපතිත්වයෙන් විහාර නවීකරණ
ව්‍යාපෘති
කමිටුවක් ද පත් කරගන්නා ලදි. විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා ඇතුළු ආදි ගුරු - ශිෂ්‍ය හා
වර්තමාන ගුරු ශිෂ්‍ය සැම ගේ ද
සම්බන්ධය ඇති ව මේ ශ්‍රේෂ්ඨ පුණ්‍යකර්මය සඳහා ආධාර ලබා ගැනීමේ අරමුණින් 2013 සැප්තැම්බර් මස 25
වන දින ආනන්ද විද්‍යාලයේ
කුලරත්න ශාලාවේදී පැවති ප්‍රථම හා එක ම රැස්වීමේ දී ම රුපියල් දෙකෝටියකට අධික මුදලක් රැස්කර
ගැනීමට කමිටුව සමත් විය.
විශේෂයෙන්ම මෙහිදී කීර්තිමත් ආදි ආනන්දීයෙකු වූ ලාෆ් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්යක්ෂ තිලක්
ද සිල්වා මැතිතුමා විසින් රුපියල් මිලියන
දහයක මුදලක් පරිත්‍යාග කරන ලදී.
ආදි ආනන්දීය 75-80 කණ්ඩායම රුපියල් මිලියනයක්ද, ආදි ආනන්දීය 93 කණ්ඩායම විසින් රුපියල්
මිලියනයක්ද, 2012/2013 ශිෂ්‍ය
විධායක මණ්ඩලය රුපියල් හාරලක්ෂ දහඅටදහසක්ද, ජගත් සුමතිපාල මහතා රුපියල් මිලියනයක්ද, අශෝක
පතිරගේ මහතා
රුපියල් මිලියනයක්ද, චන්න පලන්සූරිය මහතා රුපියල් මිලියනයක්ද, ආදි ආනන්දීය ලන්ඩන් ශාඛාව රුපියල්
හාරලක්ෂ හැට
දෙදහසක්ද, කිංස්ලි රණවක මහතා රුපියල් පහලොස් ලක්ෂයක්ද, ආදි ආනන්දීය බෞද්ධ සංගමය රුපියල් මිලියන
දෙකක්ද
පරිත්‍යාග කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. ආදි ශිෂ්‍යයින්, ආදි ශිෂ්‍ය කණ්ඩායම්, දෙමාපියන්,
සිසුන්, ගුරුවරියන්, ආයතන
අතුලු බොහෝ පිරිස් මේ සඳහා ආධාර කළහ. රුපියල් මිලියන 28.5 කට අධික මුදලක් එක්රැස් කරගැනීමට
හැකිවිය.
ක්ෂණික ව විධිමත් ව ඉදිකිරිම් ආරම්භ විය. ගතවුයේ මාස දෙකකට ආසන්න කාලපරාසයකි. පියවරින් පියවර ම
නව තාක්ෂණික
ක්‍රමවේදයන් ද උපයෝගි කර ගනිමින් වඩාත් සුරක්ෂිත හා දීර්ඝකාලීන යහපැවැත්මක් අපේක්ෂා කළ හැකි
පරිදි විහාර මන්දිරයට
අවශ්‍ය සකලාංග සම්පුර්ණත්වයට පත්කරමින් මුලික ආකෘතියේ කිසිදු වෙනසක් නො වන සේ නවීකරණය සිදුවීම
අසන දකින සැම ගේ
අමන්දානන්දයට හේතුභුත වී ඇත.
නවීකෘත විහාර මන්දිරය අස්ගිරි විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය ශ්‍රීමත් මහා නායන උඩුගම සද්ධර්මකීර්ති
ශ්‍රී ධම්මදස්සි රතනපාල
බුද්ධරක්ඛිතාභිධාන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන තෛ්නිකායික් සම්භාවනීය මහා සංඝරත්නයේ
අශිර්වාද මැද වර්ශ
2014 මාර්තු 04 වන අඟහරුවාද සවස පැවති ප්‍රථම පුෂ්ප පුජෝත්සවය සමග නැවත සැමගේ වන්දනාවට පාත්‍ර
විය.
දිනපතා හත්දහසක ගේ වන්දනාමාන වලට ලක්වන මේ පරම පූජනීය විහාර මන්දිරය නවීකරණය කිරීමේ මහා
පුණ්‍යකර්මයට
හැම අයුරකින් ම සහාය ලබා දුන් සැමට කෘතවේදී ව පුණ්‍යානුමෝදනා කළ යුතු ය.