ව්‍යාපෘති පිළිබඳ තොරතුරු

ආදි ආනන්දීය බෞද්ධ සංගමය මගින් විද්‍යාලය තුලත් ඉන් පිටතත් කරගෙන යනු ලබන අඛණ්ඩ ව්‍යාපෘති රැසක් පවතී මෙම ව්‍යාපෘති මගින් වාර්ෂිකව විශාල ශිෂ්‍ය පිරිසකට අධ්‍යාපනික හා ආර්ථික අත්වැලක් සැපයේ.
දාන පාරමී වැඩසටහන
දිවයිනේ නොයෙක් ප්‍රදේශ වලින් විදුහලට පැමිණෙන සිසුන් අතර දක්‍ෂතාවයන් ඇති එහෙත් විශාල ආර්ථික අපහසුතා වලට මැදිවු දරුවන් බහුලව හමුවේ. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාග සමත්ව පැමිණෙන සිසුන් අතර මෙම තත්වය දකින්නට ඇත. එයට පිළියමක් ලෙස ආදි ආනන්දීය බෞද්ධ සංගමය මගින් "දාන පාරමී" වැඩසටහන දීර්ඝ කාලයක සිට කරගෙන එනු ලැබේ.
අනගාරික ධර්මපාල කථික තරගය
දැනට දිවයිනේ පාසලක් විසින් කරගෙන යන විශාලම කථික තරගය මෙය වන අතර, 2019 වසරේදිත් විශාල පාසල් හා සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයකින් ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. මෙම වැඩසටහන තුලින් දරුදැරියන් ගේ පෞර්ශ වර්ධනය මෙන්ම අධ්‍යාත්මික හා සාමාජය දැනුම දියුණු කිරිම මනාව සිදුවේ. වාර්ෂිකව විශාල පිරිවැයක් දරා සිදුකරන මෙම ව්‍යාපෘතියට සම්බන්ධ විම තුලින් ආනන්දයේ පමණක් නොව දිවයිනේ නොයෙක් පාසල් වල දරුදැරියන්ගේ අ්‍ධ්‍යාපනික දියුණුව සඳහා ඔබටත් දායකවිය හැක.
පොදු දායකත්වය
ඉහත ව්‍යාපෘති වලට අමතරව සංගමය මගින් කරනු ලබන වැඩසටහන් රාශියක් පවතී. ඒ පිළිබද විස්තර පහත ඊ-මේල් ලිපිනයට ලිවිමෙන් ලබාගත හැක.
ඊ-මේල් : oldanandiansba@gmail.com