ගරු ප්‍රධාන අනුශාසක පූජ්‍ය දිවියාගහ යසස්සි හිමි

1935.01.02 දින මාතර දීයගහ දී ඩී.එන්. රත්නායක මහතාට හා ඩී.එල්.ඩී. ප්‍රන්සිනා මහත්මියට දාව
උපත ලද පින්වත් කුමරුවා 1947.10.08 දින දිවියාගහ යසස්සි නමින් පැවිදි බිමට සැපත් විය.
1955 දී මල්වතු වහා විහාරයීය උපෝසථාගාරයේදි උපසම්පදාව ලද උන්වහන්සේ විද්‍යෝදය පිරිවෙණෙන් හා
විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබුහ.
1963 දී රජයේ ගුරු පත්වීමක් ලබමින් හක්මන කෝංගල මහා විද්‍යාලයට පිවිසි උන්වහන්සේ විද්‍යාල කීපයක
සේවය කළ පසු 1970.7.28
දින ආනන්ද විද්‍යාලයට පා තබන ලද්දේ ආනන්ද විද්‍යාලයට තවත් දීප්තිමත් යුගයක් ආරම්භ කරමිනි.
1973.04.03 දින ආනන්ද විද්‍යාලයේ බෞද්ධ සංගමය ආරම්භ කර එහි ප්‍රථම පැවිදි අනුශාසක ලෙස පත්වූ
උන්වහන්සේ විශ්‍රාම
යනතුරුම එම පදවිය දරමින් විද්‍යාලයීය බෞද්ධ සංගමය තුලින් විදුහලටත් රටටත් අති මහත් වූත් සමකල
නොහැකි වූත්
සේවාවක් ඉටුකල සේක. 1983 වසරේදී පමණ ගල්කිස්ස වටරප්පල පාරේ ආරම්භ කරන ලද බෞද්ධායතනය තුළින් ශාසන
අභිවෘධියත් දහම් පාසලක් ආරම්භ කිරීම තුළින් ප්‍රදේශයේ දරු දැරියන් යහමගට ගැනීම සඳහාත් උන්වහන්සේ
මූලිකත්වය
ගෙන කටයුතු කලහ.
1988.05.22 දින ආදි ආනන්දී බෞද්ධ සංගමය පිහිටුවමින් එහි ප්‍රධාන අනුශාසක ධුරයෙන් පිදුම් ලැබු
උන්වහන්සේ වර්තමානයේද
එම තනතුර අඛණ්ඩව හොබවන්නේ උන්වහන්සේ තුළින් විද්‍යාමාන වන විශිෂ්ට නායකත්වය නිසාමය.
21 වසරක අඛණ්ඩ ගුරු සේවයට 1991.01.01 දින සමු දුන් උන්වහන්සේට 1991.01.11 දින රත්මලාන පිරිවෙන්
ගුරු අභ්‍යාස විද්‍යාලයේ
විද්‍යාලයාධිපති ධුරය හිමිවූයේ උන්වහන්සේගේ පරිපාලන කුසලතාවය නිසාමය.
1998.01.02 දින සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය යන ගෞරව නාම සම්මුතිය සහිත කොළඹ නව කෝරලයේ
ප්‍රධාන අධිකරණ
සංඝනායක පදවියෙන් උන්වහන්සේ පිදුම් ලැබූහ.
රටටත් දැයටත් ශාසනයටත් අතිමහත් සේවාවක් සිදුකරමින් රට පුරා විවිධ විහාරස්ථාන වලත් ගුවන්
විදුලියේත් රූපවාහිනී
නාලිකාවලත් විශිෂ්ට ධර්ම කථිකයකු වූ උන්වහන්සේ කල දේශනා තුළින් සමාජය යහමගට ගැනීමට ගත්
පරිශ්‍රමය කියා
නිමකළ නොහැක.